Maryites Drive-in Concert \ Music Sinhala
MUSICSinhala
190mins

Summary

Synopsis


Maryites Drive-in Concert
ft. Marians with Umara & Dinesh Subasinghe
Presented by Old Bys Association St. Mari's College, Negambo.

Drive In Terms - Negambo ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට පෙර පහත උපදෙස් අනිවාර්යයෙන් කියවන්න.
Please read the instructions below before purchasing tickets.

1. මෙම අන්තර්ජාල ප්‍රවේශ පත්‍රය එක වාහනයක් සඳහා පමණක් වලංගු වේ.
2. ආරක්ෂක ක්‍රමවේදයන් හිදී සියලු දෙනාගේ පහසුව පිණිස එකවරකදී එක් වාහනයක් සඳහා එක් ප්‍රවේශපත්‍රයක් පමණක් ලබාගන්න.
3. ප්‍රවේශපත්‍රය ලබාගැනීමේදී ඔබ ඇතුලත් කරන තොරතුරු වල ( වාහන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, ප්‍රවේශපත්‍රය ලබාගත් වාහන වර්ගය ආදී...) සඳහන් පුද්ගලයන්ට සහ වාහන වලට පමණක් ප්‍රසංගය පැවැත්වෙන පරීශ්‍රයට වහනය ඇතුලත් කිරීමට හැකියාව ඇත.
4. වෙනත් පුද්ගලයන් හෝ වාහන සඳහා ඔබ ටිකට්පත් වෙන්කිරීම නොකළ යුතුය.
5. ආරක්ෂක හේතුන් මත කිසිදු අයුරකින් එදින දොරටුවෙන් ප්‍රවේශපත්‍ර වෙන්කරවාගත නොහැක. ප්‍රසංගය පැවැත්වෙන දින දහවල් 12ට අන්තර්ජාල ප්‍රවේශපත්‍රය නිකුත්කිරීම අවසන් වේ. කරුණාකර ඉහත දක්වා ඇති කාලයට පෙර ඔබගේ ප්‍රවේශ පත්‍රය වෙන්කරවාගන්න.
6. මෙම අන්තර්ජාල ප්‍රවේශපත්‍රය නිකුත් කිරීමේදී වාහන වර්ගීකරණය කර ඇත්තේ ලියාපදිංචි වාහනය කාණ්ඩය යටතේ නොව ප්‍රසංග සංවිධායකයන් විසින් වාහන වර්ගකිරීම අනුවය. මේ සඳහා උපයෝගීකරගෙන ඇත්තේ වහනයේ දිග, උස, පළල ආදී පරවිතරයන් අනුවය. උදාහරණ ලෙස ඒ ඒප්‍රවේශ පත්‍ර කාණ්ඩය අනුව අදහස් කෙරෙන වාහන කාණ්ඩය ප්‍රවේශපත්‍රය මිලදීගැනීමේදී අප විසින් සඳහන් කර ඇත. කරුණාකර එම නිසා ප්‍රවේශ පත්‍රය මිලදී ගැනීමට පෙර මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්න.
7. යම් ලෙසකින් වැරදි වාහන කණ්ඩයක් සඳහා ඔබ ප්‍රවේශ පත්‍රය මිලදී ගතහොත් ප්‍රසංගය භූමියට වාහනය ඇතුල්කිරීමේ සිට ප්‍රසංගය නරඹා ඉන් පිටව යනතෙක් ඇතිවිය හැකි ගැටළු සම්භන්දයෙන් අප ආයතනය වගකීමක් නොදරනු ඇත. තවද අමතර ගෙවීමකට ද යටත් විය හැක.
8. එක් එක් වාහන කාණ්ඩය අනුව ඉදිරිපස අසුන් දෙක සමග පැමිණිය හැකි උපරිම සීමාව දක්වා දක්වා ඇත්තේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති රෙගුලාසි වලට යටත්ව වේ. නමුත් ඉදිරිපස අසුන්වල දෙදෙනාට හැර අන් අයට ප්‍රසංගය පැහැදිලිව නැරඹීමට ඇති හැකියාව පිළිබඳව අප ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.
9. කැබ් රථ ආදී පොදු ප්‍රවාහන මාර්ගයන් හැර ඔබගේ ප්‍රවේශ පත්‍රයේ තොරතුරු ඇතුලත් පුද්ගලික වාහනය පමණක් මෙම ප්‍රසංගයට පැමිණීමට භාවිතා කරන්න.
10. ආරක්ෂක හේතුන් මත ඔබගේ අන්තර්ජාල ප්‍රවේශපත්‍රයේ මුද්‍රිත පිටපත සමග ජාතික හැඳුනුම්පත ආරක්ෂක අංශවෙත ඉදිරිපත් කරන්න.
11. ඔබ ලබාගත් ප්‍රවේශ පත්‍රය අනුව ඔබගේ වාහනයට වෙන්කර ඇති කොටසේ වාහනය නැවත්වීම සිදු කරනු ලබන්නේ ඔබ පැමිණෙන පිළිවෙල අනුවය.
12. වාහනයේ ගමන්කල හැකි පිරිස (දරුවන් සමගින්) උපරිම සීමාවකට යටත්කොට ඇත. එම නිසා දක්වා ඇති ප්‍රමාණයට වඩා අමතර පුද්ගලයන් රැගෙන එම සපුරා තහනම්වේ.
13. ප්‍රසංගය සවස 5.30 ට ආරම්භ කිරීමට නියමිතය. මෙම වෙලාව කාලගුණය ඇතුළු එම අවස්ථාවේ පවතින තත්වයන් තුල සුළු වෙනස්වීමකට ලක්විය හැක.
14. මෙම ප්‍රසංගයට පැවැත්වෙන්නේ සෞඛ්‍ය ආරක්‍ෂිත කලාපයක බැවින් පැමිණෙන සියලු දෙනා සහ වාහන දැඩි පරික්ෂාවකට ලක් කරනු ලැබේ. එබැවින් කල්වෙලා ඇතිව ( පැයකට පමණවත් පෙර) ප්‍රසංගය සඳහා ප්‍රවේශවන මාර්ගයට වාහන ඇතුලත් කරගැනීමට කාරුණික වන්න.
15. ආරක්ෂක පියවරයන් සහ පරීක්ෂාවන් සඳහා සියලු දෙනා අනුගත වියයුතු වන අතර ඒ සඳහා යම් කාලයක් වැයවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.
16. මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ සියලු ආරක්‍ෂිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකුලව බැවින් ඔබ සියලු දෙනා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් එම අයුරින් පිළිපැදිය යුතුවන අතර එසේ නොවන අයවලුන් සෞඛ්‍ය අංශ පරීක්ෂාවෙන් පසු ප්‍රසංග භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙනු ඇත.
17. ඔබගේ වාහනය පරිශ්‍රයට ඇතුලත් කල පසු නැවත ප්‍රසංගය අවසන් වී පරිශ්‍රයෙන් බැහැරවන තෙක් කිසිදු හේතුවක් මත වාහනයෙන් බැස ඉවතට ගමන් කිරීමට අවසර හිමි නොවේ. එබැවින් පරිශ්‍රයට ඇතුල් වීමට පෙර ඔබගේ සියලු අවශ්‍යතා සපුරා ගැනීමෙන් පසු පමණක් වාහනය පරිශ්‍රය තුලට ඇතුළු කරන්න.
18. කෙටි පණිවිඩ සහ ජංගම දුරකතනයේ සඳහන් ප්‍රවේශපත්‍ර වලංගු කිරීමක් සිදුනොවන අතර එම කරුණ සෞඛ්‍ය අංශ විසින් පනවා ඇත්තේ ඔබගේ සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වීම නිසා වේ.
19. ඔබගේ අන්තර්ජාල ප්‍රවේශ පත්‍රයේ සඳහන් පරිදි ලියාපදිංචි වී ඇති පුද්ගලයා සහ එම වාහනය අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය.
20. කිසිඳු අයුරකින් ප්‍රවේශපත්‍රය ලබාගැනීමේදී ලියාපදිංචි කල දත්ත වෙනස්කිරීමක් අප විසින් සිදු නොකරනු ලබයි.
21. වයස අවුරුදු 6ට වැඩි දරුවන් එක් පුද්ගලයෙකු ලෙස සලකනු ලබයි.
22. තම වාහනයේ පැමිණෙන පුද්ගලයන්ගේ නාමලේඛනයක් ඔබ පැමිණෙන විට රැගෙන ආයුතු අතර එම ලේඛනය ප්‍රධාන දොරටුව අසලදී සෞඛ්‍ය අංශ වෙත භාරදියයුතු වේ. ( නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, වාහන අංකය සහ කාණ්ඩය, දුරකථන අංකය.)
23. ඔබ වාහනයේ පැමිණෙන පුද්ගලයන්ගේ සියලු වගකීම ඔබ විසින් භාරගත යුතු වේ.
24. ප්‍රසංගය සඳහා නිවසේ නිරෝධායනයට ලක්වන පිරිස් සහ එම ආශ්‍රිත පුද්ගලයන් අසුරුකල අයවලුන් , ඔබ රැගෙන එන පිරිස් තුල නොසිටිය යුතුය.
25. ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ඔබ ලබාදුන් තොරතුරු ඔස්සේ මේ පිළිබඳව නිරන්තර සෝදිසියකට ලක්කරන අතර එවන් පුද්ගලයන් සහ පිරිස් නිරෝධායනය පනත ඔස්සේ අත්අඩංගුවට ගැනීමට බලතල ඇත.
26. කිසිදු ලෙස වහනයෙන් පිටතට පැමිණීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත.
27. සියලු දෙනා මුඛආවරණ පැළඳිය යුතු අතර හැකිනම් විෂබිජනාශක දියරයක් ඔබගේ වාහනය තුල තබාගන්න.
28. කසල බැහැර කිරීමට කිසිදු අවසරයක් පරිශ්‍රය තුල නොමැති අතර සියලු කසල ද්‍රව්‍ය ඔබ සමගම රැගෙන යන්න.
29. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය සපුරා තහනම් වේ.
30. ආරක්ෂක අංශ මේ කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතර ආරක්ෂක අංශ සඳහා සහයෝගය නෙදෙන සහ උපදෙස් පිළිනොපදින අයවලුන් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කොන්දේසි විරහිතව නීතිමය බලතල ඇත.
31. ප්‍රවේශ පත්‍රය මිලදීගත් පසු කිසිදු අයුරකින් ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ලබාදීමක් හෝ ටිකට් පත්‍රය අයත් වාහන කාණ්ඩය වෙනස් කිරීමක් කිසිදු අයුරකින් සිදු නොකරනු ලැබේ.
32. අප ආයතනය මෙම ප්‍රසංගයේ නිල අන්තර්ජාල ප්‍රවේශපත්‍ර නියෝජිත ආයතනය වන අතර ප්‍රසංගයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.
33. උත්සව සංවිධායකයන්, ආරක්ෂක අංශ සහ සෞඛය අංශවල තීරණය අවසාන තීරණය වන අතර ඉහත උපදෙස් වලට අනුගතනොවීම තුල ඔබට ඇතිවන අපහසුත්වයන්ට මයි ටිකටස් ආයතනය කිසිඳු වගකීමක් නොදරයි.

Rules and instructions.
1. This online ticket is valid only for one vehicle.
2. For security convenience for all, take one ticket at a time.
3. Only the people and vehicles listed in the information you enter when purchasing the ticket (vehicle number, national identity card number, type of vehicle purchased, etc ...) can enter the premises where the concert is being held.
4. You should not reserve tickets for other people or vehicles.
5. Due to security reasons, tickets cannot be reserved at the gate on that day. Issuance of online ticket ends at 12 noon. Please reserve your ticket ahead of time.
6. At the time of issue of the ticket, vehicles were not classified under the Registered Vehicle category but were classified by the concert organizers. The length, height and width of the roof can be used for this purpose. For example, we have mentioned the category of vehicles that are meant for each ticket type when purchasing the ticket. Please pay attention to this matter before purchasing a ticket.
7. If you buy a ticket for the wrong vehicle, we will not be liable for any problems that may arise from entering the vehicle to the concert premises. You may also be subject to additional payment.
8. The maximum limit that can be reached with the two front seats in each vehicle category is subject to regulations issued by the ministry of health. However, we do not take any responsibility for the ability to see the concert clearly except for the two front seats.
9. Use only the private vehicle with your ticket information to attend the concert, except for public transportation such as cabs.
10. For security reasons, submit the National Identity Card to the Security Division along with a printed copy of your online ticket.
11. Your vehicle is allowed to park only in the allocated section for your ticket, and it will be in order of the arrival to the premises on the day.
12. Vehicle passengers (with children) are subject to a maximum limit. Therefore, it is strictly prohibited to carry additional persons beyond the permitted limit.
13. The concert is scheduled to start at 5.30 pm. The time may vary slightly due to the weather / Unavoidable circumstances.
14. The concert is held in a health care zone and all the vehicles and passengers are subject to a rigorous inspection by security forces. So please be there early (at least one hour prior) to get entered your vehicles to the entrance.
15. Please note that security measures and inspections must all be adapted and may take some time.
16. Since the concert is held in accordance with all health and safety procedures, all of you must follow the instructions provided by the health authorities, and those who do not will be removed from the concert area after the inspection by the health authorities.
17. Once your vehicle is entered into the premises, it is not permitted to walk away from the vehicle for any reason until the concert is over and exiting the premises. Therefore, enter your vehicle into the premises only after all your requirements have been met.
18. Tickets on SMS and mobile phones are not valid, and the health department has put this in mind because of your health concerns.
19. The registered person and the vehicle must be present as indicated on your online ticket.
20. We will not modify the registered data in any way.
21. Children over 6 years of age are considered one person.
22. When you arrive, bring a list of people who arrive in their vehicle and hand it over to the health department at the main entrance. (Name, Address, National Identity Card, Vehicle Number and Category, Telephone Number.)
23. You have to take all the responsibility of the people you come with.
24. People who are quarantined at home for the concert and those who associate with them should not be in the persons you bring.
25. The security forces and the health authorities are constantly checking on the information provided by you and are empowered to arrest such persons and persons under the Quarantine Act.
26. You will not be allowed to come out of the roof any more.
27. All people should wear face masks and if possible use a disinfectant liquid in your vehicle.
28. There is no permission to dispose of garbage on the premises. Please refrain from doing so.
29. Smoking and alcohol usage is strictly prohibited.
30. The security forces are paying close attention to these matters and have powers to evict those who do not support or disobey the security forces.
31. No refund or changes ( upgrade or downgrade the face value of the ticket) will be made after the ticket is purchased.
32. We are (My Tickets Pvt Ltd) the official online ticketing partner of the event and My Tickets will not take any responsibility for the event organizing.
33. The decision of the event organizers, security and health authorities is final and My Tickets is not responsible for any inconvenience caused to you by not adhering to the above instructions.

Kadol Kale Cricket Ground - Negombo

19th September 2020

Drive-In MINI - Rs.5,000.00

Drive-In Family - Rs.6,000.00

Drive-In Max - Rs.7,000.00